Home Hit පාස්කු ප්‍රහාරයේ සැබෑ දඩයම්කරුවා ගැන වාර්තාවේ නෑ

පාස්කු ප්‍රහාරයේ සැබෑ දඩයම්කරුවා ගැන වාර්තාවේ නෑ

361

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කර ඇති අවසන් වාර්තාවෙන්, අදාල ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්, එම ප්‍රහාරය පිටුපස සිටි සැබෑ නායකයන් කවුරුන්ද යන්න හෙලිදරව් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රටම දැනගෙන සිටි කරුණු පමණක් අදාළ වාර්තාවට ඇතුළත් කර තිබීම මිස, ජනාධිපති කොමිසම පත් කිරීමේ සැබෑ අරමුණ ඉටු වී නොමැති බවයි.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ගතයුතු පියවර, එවැනි ප්‍රහාරයක් නැවත ඇතිවීම වළක්වා ගැනීමට ගතයුතු පියවර හා අදාල ප්‍රහාරය සඳහා හේතු වූ කරුණු සම්බන්ධයෙන් කොමිසම සිය වාර්තාවේ සඳහන් කර ඇති නමුත් බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් පිටුපස සිටි පුද්ගලයන් කවුද, ඔවුන්ගේ සැබෑ අරමුණු මොනවාද යන්න පිළිබඳ හෙලිදරව් වී නොමැති බවද විජිත හේරත් මහතා පවසනවා.

ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නේ නම් එම කණ්ඩායමේ නායකයා ඊට සම්බන්ධ නොවන බවට කොමිසම හමුවේ බොහෝ දෙනෙකු ලබාදුන් සාක්ෂිවලදී පවසා තිබෙන බවත්, එය කොමිසම විසින් වාර්තාවේද සඳහන් කර තිබෙන බවත් පෙන්වා දෙන විජිත හේරත් මහතා පවසන්නේ ඒ අනුව සහරාන් හෂීම්ට ඉහළින් සිටි නායකයා හෝ නායකයන් කවුද යන්න අනාවරණය කර ගැනීමට අසමත් වීම බරපතල අඩුපාඩුවක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here