Home Hit පොහොර සහනාධාරය ලබාගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට 1,000Kg දීමේ කොන්දේසිය ඉවතට

පොහොර සහනාධාරය ලබාගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට 1,000Kg දීමේ කොන්දේසිය ඉවතට

304

පොහොර සහනාධාරය ලබාගැනීම සඳහා හෙක්ටයාරයකට වැඩි වගාවකින් වී 1000 Kgක් වී අලෙවි මණ්ඩලයට ලබාදිය යුතු බවට පැනවූ කොන්දේසිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාගේ නියමයෙන් ඉවත් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඕනෑම ගොවියෙකුගෙන් තරගකාරි මිලට වි මිලදී ගැනීමට අනුමැතිය හිමිව ඇති බවයි.

ඒ අනුව වී අලෙවි මණ්ඩලයට ඔ්නෑම ගොවියෙකුගෙන් මෙන්ම වෙළඳපොළ තරගකාරිත්වයට ගොස් වී මිලදී ගැනීමේ අවස්ථාව හිමි වේ.

තෙත වී කිලෝවක් රුපියල් 46ක ට ද, නාඩු කිලෝවක් රු. 52කට ද , සම්බා කිලෝවක් රු 54කට ද වී අලෙවි මණ්ඩලය මිලදී ගනු ඇති.

කෙසේ වෙතත් හාල් කිලෝවක මිල රු . 97 වඩා වැඩි වීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here