Home Hit චීන, පාකිස්ථාන ආර්ථික කොරිඩෝව හරහා ශ්‍රී ලංකාව සමග සබඳතා දියුණු කරගැනීම අරමුණයි

චීන, පාකිස්ථාන ආර්ථික කොරිඩෝව හරහා ශ්‍රී ලංකාව සමග සබඳතා දියුණු කරගැනීම අරමුණයි

326

චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතියට අනුව ශ්‍රී ලංකාව සමග වෙළඳ සබඳතා වැඩිදියුණු කරගැනීම තම සංචාරයේ අරමුණ බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසයි.

පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ බව පැවසුවේ ඊයේ (23) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින්.

“පාකිස්ථානය චීනයේ එක් තීරයක් – එක් මාවතක් වැඩසටහනේ සාමාජික රාජ්‍යයක්. CPEC (චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝව) කියන ව්‍යාපෘතිය එම වැඩසටහනේ ප්‍රධාන කොටසක්. මෙම ව්‍යාපෘතියේ හරය වන්නේ “සම්බන්ධතාවය” යන සංකල්පයයි. මම අද මෙහි ආපු මගේ නිලධාරීන්ට කියලා තියෙනවා එම සංකල්පය පෙරදැරි කරගෙන දෙරට අතර වෙළඳාම දියුණු කිරීමටත් දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමටත් පියවර ගන්න කියලා.

අපි කතාකරන්න බලාපොරොත්තු වෙනවා පාකිස්ථානයට කලාපීය වශයෙන් සැලසෙන වාසි සමග ශ්‍රී ලංකාවේ වෙළඳාම දියුණු කරන්නේ කෙසේද කියලා. අපගේ මෙම සම්බන්ධතාවය හරහා වැඩිදුරටත් පිළිබිඹු වන්නේ දෙරට අතර පවතින සමීප බවයි” යැයි ඒ මහතා පවසයි.

සබැඳි පුවත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here