Home Hit මුස්ලිම් මන්ත්‍රීන් පාකිස්ථාන අගමැති හමුවෙද්දී ද්‍රවිඩ මන්ත්‍රීවරුන් ඉන්දීය මහකොමසාරිස්ව හමුවේ

මුස්ලිම් මන්ත්‍රීන් පාකිස්ථාන අගමැති හමුවෙද්දී ද්‍රවිඩ මන්ත්‍රීවරුන් ඉන්දීය මහකොමසාරිස්ව හමුවේ

355

දෙමළ පක්ෂ නියෝජිතයන් කිහිපදෙනෙකු ඊයේ (23) මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා හමු වී තිබෙනවා.

උතුර පළාත් හිටපු මහඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊට එක්ව තිබෙනවා. උතුර පළාත ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා ඉන්දියාවේ අඛන්ඩ කැපවීම මෙහිදී මහකොමසාරිස්වරයා අවධාරණය කර තිබෙනවා.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

ඉන්දියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ද පෙරේදා දිනයේදී ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හමුව තිබුණා.

උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳව මෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුලින් අර්ථවත් බලය බෙදීමක් සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුවූ බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ.

මේ අතර, නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතාව ඔහු නවාතැන් ගෙන සිටින හෝටලයේදී හමුවීමේ අවස්ථාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට හිමිවී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවූෆ් හකීම් මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ.

සබැඳි පුවත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here