Home Hit ශ්‍රී ලංකාවට එරෙහි සියලු චෝදනා ඉවත් කර ගන්න – විදේශ ඇමති ජගත්...

ශ්‍රී ලංකාවට එරෙහි සියලු චෝදනා ඉවත් කර ගන්න – විදේශ ඇමති ජගත් මානව හිමිකම් මණ්ඩලය අමතමින් ඉල්ලයි

316

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය ඊයේ (23) අමතනු ලැබුවා.

ශ්‍රී ලංකාවට එරෙහි සියලු චෝදනා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය අමතමින් සඳහන් කළේ.

මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රි 9.00ට පමණ සැසිවාරය අමතමින් විදේශ අමාත්‍යවරයා සාමාජික රටවලින් ඉල්ලා සිටියේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙසයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවට සාමාජික රටවල් සහභාගි වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

ඒ අනුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද වීඩියෝ තාක්ෂණය මගින් ඊයේ මානව හිමිකම් කවුන්සිලය අමතනු ලැබුවා.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරය ජිනීවා නුවරදී පෙරේදා ආරම්භ වූ අතර,

සමාරම්භක සැසිය අමතමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ගෝලීය වසංගතය තුළින් ලොව පුරා අන්ත දුගීභාවය සහ අසමානාත්මතාව ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කළා.

එය මානව හිමිකම් දුර්වල කිරීමක් ලෙසයි ඇය හැඳින්වූයේ.

ජගත් මානව හිමිකම් මණ්ඩලය ඇමතූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ නායකයින් නිදහස් කරන ලෙස මියන්මාර හමුදා කුමන්ත්‍රණකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

මෙවර මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක්ද එක්සත් රාජධානිය ඇතුළු මූලික කණ්ඩායම මගින් ඉදිරිපත් කරනු ලබනවා.
එහි දළ පිටපත මේ වනවිට මානව හිමිකම් මණ්ඩල සාමාජිකයින් අතර සංසරණය වෙමින් පවතින බව සඳහන්.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා යන මැයෙන් ඉදිරිපත් කර ඇති එම යෝජනාව සම්බන්ධයෙන් මෙවර සැසියේදී ඡන්ද විමසීමක්ද පැවැත්වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here