Home Hit ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයට

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයට

618

රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (24) දිවයින පුරා මධ්‍යස්ථාන 86ක දී පැවැත්වුණු ඡන්ද විමසීමේදී ඒ සඳහා තරග වැදුණු ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා වැඩි ඡන්ද 2355ක් ලබා ගනිමින් 2021-2022 වර්ෂ සඳහා නව සභාපතිවරයා වශයෙන් තේරී පත් විය.

ප්‍රතිවාදියා වූ කුවේර ද සොයිසා මහතා ලබා ගත්තේ ඡන්ද 2807ක් පමණි. සාලිය පීරිස් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5162කි.

දිවයින පුරා විසිරී සිටින ලියාපදිංචි නීතිඥ මහත්ම මහත්මීන් 17,000ක් වූ නීතීඥ ප්‍රජාව මෙහිදී තම සංගමයේ නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබිණි.

ඡන්ද විමසීම පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ අතර මෙම ඡන්ද විමසීමකදී තේරීම්භාර නිලධාරීවරයා ලෙස කටයුතු කරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන සංජේ රාජරත්නම් මහතා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here