Home Hit බෝ නොවන රෝග වැළදී ඇති පුද්ගලයින්ට කොරෝනා එන්නත ගැනීමේ ගැටලුවක් නෑ

බෝ නොවන රෝග වැළදී ඇති පුද්ගලයින්ට කොරෝනා එන්නත ගැනීමේ ගැටලුවක් නෑ

363

බෝනොවන රෝග වලින් පෙලෙන පුද්ගලයන් කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම කිසිදු ගැටලුවක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටින්නේ .

මේ අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ එහි සේවය කරන විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 3200 ක් මේ වනවිට කොරෝනා එන්නත් ලබාගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම, පොලිස් නිලධාරින් 15,331 දෙනෙකුට මේ වනවිට එන්නත් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here