Home Hit “උත්තර දෙන්න ඇමතිලා නෑ” – විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් ගැන ඇසූ ප්‍රශ්ණය ආන්ඩුව...

“උත්තර දෙන්න ඇමතිලා නෑ” – විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් ගැන ඇසූ ප්‍රශ්ණය ආන්ඩුව මඟහරී

526

රට විරුවන් දුක් මහන්සියෙන් උපයාගෙන ඉතිරි කළ සියලුම ඉතිරිකිරීම් මෙරටට පැමිණීමේදී වැය කිරීමට සිදුව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී විවිධ හේතු මත ඔවුන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති හෙයින් 40,000ක් පමණ විදෙස්ගත ශ්‍රමිකයින් මේ වනවිට මෙරටට පැමිණීමට නොහැකිව සිටින බවත් එය ඉතාම ශෝචනීය තත්වයක් බවත් මෙහිදී විපක්ෂනායක වරයා කියා සිටියා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රුපියල් බිලියන 14ක මුදල් ඇති හෙයින් එම මුදල භාවිතා කරමින් එම විදෙස්ගත ශ්‍රමිකයින් නොමිලයේ මෙරටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙස විපක්ෂනායකවරයා මෙහිදී රජයෙන් ඉල්ලා සිටියා.

එහිදී එවැන්නකට පිළිතුරු ලබාදීමට අමාත්‍යවරයකු පවා නොමැති අවස්ථාවක විපක්ෂනායක වරයාගේ අදහස් දැක්වීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය විරෝධය පළකළ අතර විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව 25 වැනිදා දක්වා කල්තැබීමට යෝජනා කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here