Home Hit “චීන්නු ඇවිත් ලංකාවේ වැඩ කලාට අපේ අයට චීනයේ රස්සා නෑ”

“චීන්නු ඇවිත් ලංකාවේ වැඩ කලාට අපේ අයට චීනයේ රස්සා නෑ”

423

2020 පළමු කාර්තුව සදහා සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ශ්‍රම බලකා කාර්තුමය ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවෙ විරැකියා අනුපාතය 4.7% සිට 5.7% දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන් ම ශ්‍රම වෙළදපලට නවතම ශ්‍රම පිවිසුම්කරුවන් වන 25-29 වයස් කාණ්ඩයේ විරැකියා අනුපාතය 11.6% ක අනුපාතයක පවතී.

මෙම දත්ත covid -19 ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑම් කිරීමට පෙර ඒවා ය. දිවයින පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු අවිධිමත් රැකියා වල නියුක්ත වූවන්ටද රැකියා අහිමි වීම නිසා රැකියා වියුක්තිකයන්ගේ ශ්‍රම බලකාය තව දුරටත් බලපෑමට ලක් විය. මාර්තු 20 වෙනිදාගෙන් පසුව මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ද සේවා වියුක්තික රැල්ලෙන් පීඩාවට පත් විය .

විශාල වශයෙන් ශ්‍රමිකයන් පිටරට යවමින් සිටි ශ්‍රී ලංකාවට covid -19 හේතුවෙන් සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවිය. මෙරටට ගෙන්වා ගත් සංක්‍රමණික ශ්‍රමිකයින් මෙරට ගෘහස්ථ ශ්‍රම බලකායට දැඩි පීඩනයක් එල්ල කරන්නට විය. 2019 අප්‍රේල් මාසයේදී 15,000 ක පමණ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සදහා පිටත් ව ගිය අතර 2020 අප්‍රේල් මාසයේ එම අගට ශූන්‍ය අගයක් විය.

ඉහත දැක්වෙන කාර්තුමය ප්‍රකාශනයන්ගෙන් දැක්වෙන්නේ කාර්මික අංශයේ සේවය කරන මුලු වැඩ කරන ජනගහනයෙන් 27.1% පමණි. මෙම දත්ත වලින් පෙනී යන්නේ ශ්‍රී ලාංකික කර්මාන්ත පද්ධතියේ රැකියා අවස්ථා වැඩි විභවයක් පවතින බවයි. චීනය බිලියන ගණන් වටිනා ඉදිකිරීම් , නැව් වරාය ආශ්‍රිත කර්මාන්ත මෙරට පිහිටුවා ඇතත් ඒවා සදහා ශ්‍රී ලාංකිකයන්ට ඇති අවස්ථාව ලබා දී නැත.

චීන ජාතික විශාල ශ්‍රම බලකායක් මේ වන විට ශ්‍රී ලංකාවෙ වැඩ කරමින් සිටී. මෙය ශ්‍රී ලංකාවට දෙබිඩි බලපෑමක් ඇතිකරවයි. මන්දයත්, ශ්‍රී ලාංකිකයන්ට දේශිය වශයෙන් ඇති කරන ලද රැකියා චීන ජාතිකයන්ට හිමිවීම හා ශ්‍රී ලංකාවෙ ජනිත ආර්ථික ක්‍රියාකාරකම් වලින් වටිනා විදේශ සංචිතයන් පිටතට ගලාගෙන යාමත් ය. චීනය ඔවුන් ගේ ව්‍යාපෘති සදහා චීන ජාතිකයින් රැගෙන ආ බවට ද වාර්තා පළ වේ. චීන කාර්මිකයෙක්ට හා ශ්‍රී ලාංකික කාර්මිකයෙක්ට එකම ව්‍යාපෘතියේ එකම වැඩය සදහා වැටුප් ගෙවීමේදී විශාල අසාධාරණයක් සිදුවන බවද පෙනෙන්නට තිබේ.

චීනයේ කොමියුනිස්ට් කොටසේ දේශපාලන මණ්ඩල සාමාජික හා විදේශ කටයුතු පිළිබද කාර්‍යාලයේ අද්‍යක්ෂක Yung Jiechi මහතා ගේ සංචාරයේදී ( 2020 ඔක්තෝබර් 8-9 ) ගෝටාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ අද්‍යාපන හා රැකියා අවස්තා පුලුල් කිරීම වෙනුවෙන් කාර්මික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සදහා චීනයෙන් ඉල්ලීමක් කර තිබුණි.නමුත් චීනය ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීම සදහා කිසිදු උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නොතිබේ . ව්‍යාපෘති සදහා විශාල ප්‍රමාණයන්ගේ ණය ලබා ගැනීම හා ආයෝජන දිරිගැන්වීම පමණක් කිරීමට තම රජයට අවශ්‍ය නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා කිහිප වරක් ම ප්‍රකාශ කර ඇත.

තම ඉඩම් හා සම්පත් චීනයට ලබාදෙන විට මෙරට නොපුහුණු කම්කරුවන්ගෙන් 85%, දක්ෂ හා මද්‍යම මට්ටමේ කම්කරුවන්ගෙන් 50% හා කළමනාකරණ මට්ටමේන් 25% ක් අදාල ව්‍යාපෘති වලට යොදාගන්නා ලෙස වෙන් කරන ලද ක්‍රමවේදයක් ඉල්ලා සිටිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් රැකියාවල නිරත විය යුතු ශ්‍රී ලාංකික කම්කරුවන් වෙත වැටුප් අලාභයේ සමස්ත මූල්‍ය වටිනාකමට සමාන වාර්ෂික දඩයක් අය කරගත යුතුය.

එවැනි ප්‍රතිපත්තියක් මගින් සියලුම විදේශ සමාගම් ශ්‍රී ලාංකික සේවකයින් සේවයේ යොදවා කුසලතා ඇතිකරලීමට කටයුතු කරන අතර විදේශ සේවයේ සමාන අවස්තා මෙරට කම්කරුවන්ටද හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here