Home Hit පකිස්ථාන අගමැති සහ ජනපති ගෝඨාභය අතර ද්විපාර්ශවික හමුව අද

පකිස්ථාන අගමැති සහ ජනපති ගෝඨාභය අතර ද්විපාර්ශවික හමුව අද

207

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශවික හමුව අද පැවැත්වෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. අනතුරුව කොළඹ දී පැවැත්වෙන වෙළඳ හා ආයෝජන සමුලුවකට එක්වන ඉම්රාන් ඛාන් මහතා පසුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් පිරිසක්ද හමුවීමට නියමිතයි.

අනතුරුව කථානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිරිනමන දිවා භෝජන සංග්‍රහයකටද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි.

සිය ශ්‍රී ලංකා සංචාරය නිමවා ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here