Home Hit කණ්ඩායම රටින් පිටවෙන්න පැය 4කට කලින් මේවගේ දෙයක් කිරීම ගැන කණගාටු...

කණ්ඩායම රටින් පිටවෙන්න පැය 4කට කලින් මේවගේ දෙයක් කිරීම ගැන කණගාටු වෙනවා – නාමල්

217
0

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු ලෙස පත් කල චමින්ද වාස් ඊයේ හදිසියේම තම තනතුරෙන් ඉල්ලා අස්වුණා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී මෙලෙස පැවසුවා.

“ඔහු වගේ දක්ෂයෙක් අපට අහිමි වීමකණගාටුවට කරුණක්.අනිත් පැත්තෙන් පුහුණුකරුවෙක් වෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් වෙන්න පුලුවන් තමන්ගේ ගිවිසුම ගැන සාකච්ඡා කරන ක්‍රමයක් තියෙනවා.ඒ විදිහට ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම් ගතවෙලා තියෙනවා යම්කිසි පඩියකට.නමිත් ඔහු යම් පඩි වැඩි කිරීමක් ගැන ඉල්ලීමක් කරලා තිබෙනවා. මම එක විවේචනය කරන්න යන්නේවත් සාධාරණීකරණය කරන්නේවත් නැහැ.කෙසේ හෝ ඔහුට වැටුප විදිහට ලක්ෂ 7 1/2ක වැටුපක් ගෙවීමට ක්‍රිකට් පාලක මණ්ඩලයත් එකඟ වෙලා තියෙනවා. ඒ මේ ටුවර් ෆී එකට අමතරව.නමුත් ඔහු එම මුදල පිළිගෙන නැහැ එතුමා ඉල්ලා අස්වීම දීලා තියෙනවා,මම එක විවේචනය කරන්න යන්නේවත් සාධාරණීකරණය කරන්නේවත් නැහැ.

හැබැයි කණ්ඩායම රටින් පිටවෙන්න පැය 4කට කලින් මේවගේ දෙයක් කිරීම ගැන මම කණගාටු වෙනවා. මොකද එකෙන් අසාධාරණයට ලක්වෙන්නේ ක්‍රීඩකයෝ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here