Home Hit හම්බන්තොට අලි රක්ෂිතය ගැසට් කිරීමට අනුමැතිය

හම්බන්තොට අලි රක්ෂිතය ගැසට් කිරීමට අනුමැතිය

214

හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතයට අදාල මාර්ගෝපදේශ සහ රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කිරීමට ඊයේ (22) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

මේ වනවිට මෙම රක්ෂිතයට අදාල භූමිය වෙන්කර ඇති අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම් මෙම යෝජිත රක්ෂිතය සඳහා ඇතුළත් වේ.

මෙම ගැසට් නිවේදනය දැනටමත් කෙටුම්පත් කර තිබේ. එම කෙටුම්පත සඳහා නීති කෙටුම්පත් සම්පාදක‍ගේ එකඟතාවය ලබා ගැනීමෙන් පසුව අදාල වනඅලි කළමනාකරණය රක්ෂිතය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here