Home Hit සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූනි මාසයේදී

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූනි මාසයේදී

138
0

මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වනවිට ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද (22) නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව පවසන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපේ ප්‍රධාන අරමුණ තමයි රටේ දූ දරුවන්ගේ වටිනා තරුණ කාලය අපතේ නොයැවීම. මාර්තු 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වෙන විභාගය සඳහා දිවයින පුරා අපේක්ෂකයන් 622,305ක් ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4,513ක එය පැවැත්වීමට නියමිතයි. පාසල් අපේක්ෂකයන් 423,746ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 198,606ක් පෙනී සිටීමට නියමිතයි. ඒ සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් සූදානම්කොට තිබෙනවා.”

“ඒවගේ ම කෝවිඩ් 19 ආසාධිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන 02 බැගින් ස්ථාපිත කරලා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබෙන නිසා ඊට වි‍ශේෂ විධිවිධාන සකසා තිබෙනවා. ඒ සම්බන්ධව විදුහල්පතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කරලයි තිබෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here