Home Hit කැලෑ කපන්න කාටවත් අවසර දීලා නෑ – ජනපති

කැලෑ කපන්න කාටවත් අවසර දීලා නෑ – ජනපති

356

තමන්ගේ ප්‍රකාශයන්ට වැරදි අර්ථ නිරූපණයන් ලබා දීමක් සිදු වන බවත් කැලෑ කැපීම සඳහා කිසිවෙකුටත් අවසර ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

වගා කළ බිම් වල කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්නැයි තමන් පැවසූ විට එය භාවිතා කරමින් කැළෑ හෙළි කිරීමක් ස්සිදු කරන්නේ නම් එය නැවැත්විය යුතු බවට එ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙනවා.

ගම සමඟ පිළිසඳර වැඩසටහනේ 11 වන අදියරට පුත්තලම – කරුවලගස්වැව – නෙළුම්වැව ප්‍රදේශයේදී ඊයේ (20) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

May be an image of one or more people, people standing, people sitting and outdoors

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බවයි. වගකිවයුතු නිලධාරීන්ගේ නිසි දායකත්වය නොලැබීම ඵලදායක ව්‍යාපෘති ප්‍රමාදයට සහ ඒවායේ ප්‍රතිලාභ ජනතාවට අහිමිවීමට මුලික හේතුව බව ‘ගම සමග පිළිසඳර’ ආරම්භයේ පටන් තමා අවබෝධ කරගත් බවයි ඔහු පවසන්නේ.

ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී වන ජීවි, වන සංරක්ෂණ, පරිසර, මාර්ග ඇතුළු සියලු ප්‍රධාන ආයතනවල වගකිවයුතු නිලධාරීන් සාමූහිකව තීරණවලට එළැඹීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඉඩම් පරිහරණයේ නිසි සැලැස්මක් නොමැතිවීම ජනතාව අතින් වූ වරදක් නොවන අතර ඉඩම් ප්‍රශ්න ඇතුළු බොහෝ ග්‍රාමීය ජන ගැටළුවලට ස්ථීර විසඳුම් දීමේදී නිලධාරීන් භූමියට ගොස් සැබෑ තත්ත්වය සියැසින් දැක තීරණ ගැනීම ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ.

May be an image of outdoors

ජනතාවගේ පැත්තේ සිට ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ඇතැම් පිරිස් වැරදි අර්ථ කථන ලබාදෙන අතර එමගින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටගැසීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

‘ගම සමග පිළිසඳර’ සඳහා තෝරා ගන්නේ දිවයිනේ දිළිඳුතම සහ දුෂ්කරතම ගම්මානයක්. මේ ගම්වල ජිවත්වන ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටළු සමූහයකින් පීඩා විඳිති. නිලධාරීන්ගේ හෝ වෙනත් පාර්ශවයක හෝ කෝණයෙන් පමණක් බලා මේ ගැටළු විසඳීමට නොහැකිය. එබැවින් නිලධාරීන් සහ ගැමියන් එකිනෙකා සමග මුණගැස්වීමෙන් නිවැරදි තීරණ ගැනීමට පිළිවන” පලීගම පිළිසඳර භූමියට රැස්ව සිටී ජනතාව අමතමින් ජනාධිපතිවරයා කියාසිටියා.

May be an image of 1 person, sitting and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here