Home Cricket චමින්ද වාස් යළිත් වේගපන්දු පුහුණුකරු තනතුරට

චමින්ද වාස් යළිත් වේගපන්දු පුහුණුකරු තනතුරට

167
0

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ප්‍රබලතම වේගපන්දු යවන්නෙකු වූ චමින්ද වාස් මහතා යළිත් ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු තනතුර සඳහා පත්කර තිබෙනවා

ඔහු මීට පෙර 2013 වසරේ මැයි මාසයේ සිට වසර දෙකක කාලයක් වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.

ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර් ඊයෙ (19) සිය ඉල්ලා අස්වීම ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබිණි. පෞද්ගලික හේතුවක් මත ඔහු ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා වාස් පත්කර තිබේ. චමින්ද වාස් මීට පෙර නවසීලන්තය, අයර්ලයන්තය යන කණ්ඩායම්වලද වේගපන්දු පුහුණුකරු ලෙස කෙටිකාලීනව සේවය කර තිබේ. චමින්ද වාස් ටෙස්ට් තරග 111 කදී සහ එක්දින තරග 322 කදී ශ්‍රී ලංකාව නියෝජන කළ අතර එහිදී ටෙස්ට් කඩුලු 355 ක් සහ එක්දින කඩුලු 400 ක් බිඳහෙළා තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here