Home Hit පොලිසියට ජපානයෙන් අලුත් වාහන (PHOTOS)

පොලිසියට ජපානයෙන් අලුත් වාහන (PHOTOS)

678

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

වාහන භාරදෙනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසිනි. වාහනවල තත්වය විමසා බැලූ ජනාධිපතිතුමා තානාපතිවරයා සමග සුහද කතා බහක නිරත විය.

ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මේ පරිත්‍යාගය කර ඇත. රුපියල් මිලියන 1250ක පූර්ණ ප්‍රදානයක් ලෙස ලැබෙන පරිත්‍යාගයේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 775ක් වටිනාකමින් යුත් වාහන 45ක් අද භාර දෙනු ලැබීය.

දෙවැනි පියවර ලෙස තවත් වාහන සහ අති නවීන සෝදිසි උපකරණ තොගයක් ඉදිරි කාලයේ දී ලැබීමට නියමිත වේ. ජීප් රථ 25, මෝටර් බයිසිකල් 150ක්, Search Gates 7ක්, Total Search Machine 01ක් , Handheld Metal Detector 80ක් ඊට අයත්ය.

May be an image of 1 person, standing and outdoors
May be an image of car, jeep, outdoors and text that says "POLICE n POLICE POLICE"
May be an image of outdoors
May be an image of 2 people, people standing and outdoors
May be an image of one or more people, people standing, car and outdoors
May be an image of one or more people, people standing, car and outdoors
May be an image of 1 person, standing and outdoors

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here