Home Hit ප්‍රාදේශීය සභා පනතේ සංශෝධන කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

ප්‍රාදේශීය සභා පනතේ සංශෝධන කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

302

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) උපදෙස් ලබාදී තිබෙනවා.

පළාත්පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අරලියගහ මන්දිරයේදී පැවති අතර, ඊට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව අදාළ සංශෝධනය දැනටමත් සූදානම් බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නොබෝ දිනකින් ඉදිරිපත් කරන බවයි ඊට එක්වූ විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here