Home Hit ජෝ බයිඩ්න් පසුපස LTTE ඩයස්පෝරාවේ රැල්ලක් – මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම

ජෝ බයිඩ්න් පසුපස LTTE ඩයස්පෝරාවේ රැල්ලක් – මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම

601

ජෝ බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු පසුපස ගමන් කරන විශාල LTTE ඩයස්පෝරාව සමඟ සම්බන්ධ රැල්ලක් සිටින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම පවසයි.

අද උදෑසන රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් ඒ මහතා මේ අදහස් දැක්වීය.

මෙරට වත්මන් ජනාධිපති සහ යුදහමුදාපති LTTE ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම හේතුවෙන් එහි පලිය ගැනීමට මෙලෙස විවිධ චෝදනා ඉදිරිපත් කරන බව ඒ මහතා පැවසීය.

ඇමරිකාව නැවත වතාවක් බටහිර රටවල් සමඟ එකතු වී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සම්බන්ධයෙන් දැන් සිටම විකල්ප යෝජනාවකට ශ්‍රී ලංකාව සුදනම් වියයුතු බව ඒ මහතාමෙහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here