කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයෝජන සඳහා ඉන්දියාව සම්බන්ධ කර නොගත හොත් එහි පාඩුව විඳීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පවසනවා.
ඉන්දියාවේ සහය නොමැතිව පර්යන්තය සංවර්ධනයෙන් පමණක් ඵලක් නොවන බවයි ඔහු පවසන්නේ.
“ඉන්දියාව කියන්නේ විශාල රටක්. අපි ඉන්දියාව එක්ක එකතු වෙලා පොඩි බිස්නස් එකක් කරන්නයි ලෑස්ති උනේ. නැතුව භාර දෙන්න නෙවෙයි.” යැයි ඒමහතා පවසයි.