කාති උසාවි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව නව ව්‍යවස්ථාවෙන් නිසැකවම නිරාකරණය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.
පැපිලියාන සුනේත්‍රා දේවි පුරාණ රජමහ විහාරාධිපති පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම නායක හිමියන්ගේ ජන්ම දිනයට සමගාමීව සංවිධාන කළ “ලේ
දන්දීමේ” වැඩසටහනකට එක්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා මේ අදහස් පළ කළා.
නව ව්‍යවස්ථාව හරහා විවිධ නීති ක්‍රියාත්මක වීම යම් ප්‍රමාණයකට විසඳෙනු ඇති බවත් එක් රටක් තුල විවිධ නීති ක්‍රියාත්මක වීමට තමන්ද එකඟ නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කරසිටියා.
සබැඳි ලිපි..