Home Coronavirus 2020 කොවිඩ් සඳහා දේශීය ප්‍රතිකාරවල පරීක්ෂණ ගැන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

කොවිඩ් සඳහා දේශීය ප්‍රතිකාරවල පරීක්ෂණ ගැන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

268
0

කොවිඩ් -19 වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කරඇති බව කියන ධම්මික පැණිය පිළිබඳව තවත් සතියක් හෝ දෙකක් ඇතුළත ප්‍රකාශයක් කළහැකි බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය සිදුකරන්නේ එවැනි ඖෂධවල පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැපයීම බවයි.

එසේ නොමැතිව ඒවා ප්‍රවර්ධනය කිරීම රජයේ අරමුණ නොවන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

අද (24) පෙරවරුවේ රූපවාහිනී සාකච්ඡාවක් සමග එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කරන ලදි.

“කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉදිරිපත් කරපු දේශීය ඖෂධය සහ සුදර්ශන පැණිය නමින් හඳුන්වපු ඖෂධය සහ තවත් ඖෂධ කිහිපයක් පිළිබඳව යම් විදිහක පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. අපි රජයක් හැටියට කරන්නේ ඒ පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීම පමණයි.

එහෙම නැතුව කිසිදු ඖෂධයක් ප්‍රවර්ධනය කිරීමක් කරන්නේ නෑ. වාර්තාව ලැබුණට පස්සේ එහි තිබෙන ගුණ අගුණ ගැන විවෘතව රටට ප්‍රකාශ කරන්න කටයුතු කරනවා. පරීක්ෂණ සඳහා යොමු කරපු ධම්මික පැණියේ තියෙන ගුණ අගුණ පිළිබඳවත් තව සතියක දෙකක කාලයක් ඇතුළත අපිට ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙයි.”

මේ අතර මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළේය.

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත තමයි මුලින්ම ලැබෙන්නේ. ඊළඟට අපි බලාපොරොත්තුවෙනවා චීනයේ නිපදවපු එන්නතත් අපිට ප්‍රදානයක් විදිහට ලැබෙයි කියලා. රුසියානු එන්නතත් ලබා ගැනීම සඳහා අපි මේ වනවිට සාකච්ඡා කරමින් යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් අපිට එන්නත් ප්‍රමාණයක් ප්‍රදානය කරන්න නියමිතයි.  ප්‍රදානයන් හරහා ලැබෙන උපරීම එන්නත් ප්‍රමාණය ලබා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. මදිපාඩුව අපි මුදලට ගන්න කටයුතු කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here