කොරෝනා වෛරසය ආසාදනය වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර සුවය ලබා සිය නිවෙස වෙත පැමිණ තිබෙනවා.
අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු සඳහන් කර සිටියේ වෛරසය ආසාදනය වී කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නැවතී ප්‍රතිකාර ලබමින් සිටි අමාත්‍යවරයා අද (24) දහවල් කොළඹ පිහිටි සිය නිවෙස වෙත පැමිණි බවයි.
එමෙන්ම, සෞඛ්‍ය නිර්දේශ යටතේ ඔහු සිය නිවස තුළ ඉදිරි සතියක පමණ කාලයක් තුල නිරෝධායනය වනු ඇත.