සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ තවත් යුක්රේන සංචාරකයින් පිරිසක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් අද (24) පස්වරුවේ මෙරටට පැමිණියා.
යුක්රේන ගුවන් සේවයට අයත් PS 6385 දරණ ගුවන් යානයෙන් සංචාරකයින් 189 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් මෙරටට පැමිණි 12 වන යුක්රේන සංචාරක කණ්ඩායමයි.
මේ අතර මෙරටට පැමිණ සිටි සංචාරකයින් 178 දෙනෙකු එම ගුවන් යානයෙන් නැවත යුක්රේනය බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ