අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පිරිස් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටිනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වේ.
ප්රවෘත්ති නිවේදනය
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු එතුමාගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ පවුලේ සාමාජිකයන්ටද ඇතුළු කාර්ය මණ්ඩලයටද ස්වයං නිරෝධායනයෙහි යෙදෙන්නට සිදුවිය.
ඒ අනුව, අමාත්‍යවරයා සහ පවුලේ සාමාජික පිරිසත්, ඔහුගේ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදිත වී නොමැති බව තහවුරු වී ඇත.
මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය