Covid-19 වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය අද දහවල් තහවුරු කළා.
සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වූ අතර, පසුව PCR පරීක්ෂණයක් ද සිදුකර ඇති බව සදහන්.
ඒ අනුව එහිදී ද තහවුරු වී ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරියට කොරෝනා වැළදී ඇති බවයි.
මේ අතර, ඊයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පැවති වැඩසටහනක් සදහා ඇය අවසන් වරට එක්වූ අතර එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
එසේම ඇය පෙරේදා නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති වැඩසටහනකට ද එක්වුණා.