මෙතෙක් නිර්මාණය කර ඇති තාක්ෂණික අතින් වඩාත් ඉහළම මුඛාවරණයේ මූලාකෘතිය හඳුන්වා දීම සිදු කර තිබෙනවා.
Razer – project hazel නමින් හඳුන්වන මෙය හරහා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමත් සමඟ ඉහළ මට්ටමකින් ආරක්ෂාව සහතික කිරීමත් අරමුණු වී තිබෙනවා.
එහි ඉහළ බැක්ටීරියා පෙරීමේ කාර්යක්ෂමතාවයට (BFE) අමතරව, මුඛාවරණයට ඉහළ ද්‍රව ප්‍රතිරෝධයක් ඇති අතර ඒ හරහා විශාල ජල බිඳිති හා වලින් ආරක්ෂාව සපයනවා. ප්‍රොජෙක්ට් හේසල් සඳහා විශේෂ ආරෝපණ ආවරණයක් ඇති අතර එය පාරජම්බූල කිරණ මගින් බැක්ටීරියා සහ වෛරස් විනාශ කරයි. මෙම ස්මාර්ට් මාස්ක් එක හරහා වාතාශ්‍රය හා වායු ප්‍රවාහය නියාමනය කරන අතර අවම වශයෙන් 95% ක්ම වාත අංශු පෙරීමට එයට හැකිය.
මෙම මුඛාවරණය විනිවිද පෙනෙන නිසා ඔබ කථා කරන ආකාරය සහ ඔබේ මුහුණේ ඉඟි පහසුවෙන් අනෙකාට පෙනෙන බැවින් බාධාවකින් තොරව සමාජ සම්බන්ධතා පැවැත්වීමට ඉඩ සැලසේ. එහි තාක්ෂණය හරහා බාධාවකින් තොරව කටහඬ පිටතට ලබාදෙන අතර මුඛාවරණය අභ්‍යන්තරයේ උණුසුම ඉහළ යා නොදී උෂ්ණත්වයද යාමනය කිරීමක් වේ.
සැහැල්ලු සහ ප්රතිචක්රීයකරණය කළ හැකි අමුද්‍රව්‍ය වලින් මෙය නිපදවා තිබීමද විශේෂත්වයකි.