Home Hit PHIට කෙල ගැසූ අටලුගම පුද්ගලයාට වසර 6ක සිරදඬුවම්

PHIට කෙල ගැසූ අටලුගම පුද්ගලයාට වසර 6ක සිරදඬුවම්

446
0

2020.12.02 දින බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට සහ තවත් සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට රාජකාරිය සිදු කිරීමට බාධා කළ 56 හැවරදි පුද්ගලයාට චෝදනා 3කට වසර 2 බැගින් සිර දඬුවම් සහ රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවීමට පානදුර අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පුද්ගලයා විසින් මහජන සෞඛ්‍ය නිලධාරියෙකුගේ මුහුණට කෙළ ගැසීමක්ද සිදු කර තිබූ අතර බණ්ඩාරගම පොලිසිය විසින් ඔහුට එරෙහිව වැරදි 8ක් යටතේ නඩු ගොණු කර තිබුණා.

ඔහුගේ ප්‍රතිකාර කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව නඩුව සලකා බැලූ අධිකරණය ඔහු විසින් වරද පිළිගැනීම මත එක් වරදකට වසර 2 බැගින් චෝදනා 3කට මොහුට සිරදඬුම් නියම වූ අතර රු. 10,000ක දඩයක්ද නියම විය.

මීට අමතරව එම සෞඛ්‍ය නිලධාරීන් 4 දෙනාට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 4ක වන්දි මුදලක් ගෙවන ලෙසට නියම කර තිබෙනවා.

නිරෝධායන නීතීන්ට එරෙහිව කටයුතු කරන්නන්ට මෙලෙසින්ම නීතිය තදින් ක්‍රියාත්මක වනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here