Home Coronavirus 2020 නව වසරේ ගතවූ දින 19 තුළ පමණක් ආසාදිතයන් 11,000ක් – GMOA

නව වසරේ ගතවූ දින 19 තුළ පමණක් ආසාදිතයන් 11,000ක් – GMOA

194
0

ජනවාරි මාසයේ දින 19ක කාලය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 11,000කට වැඩි ප්‍රමාණයක්  වාර්තා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙන්නේ ප්‍රතිශතයක් ලෙස රෝගීන් 600ක් දෛනිකව වාර්තා වීමේ ප්‍රවණතාවක් මෙරට තුළ දක්නට ලැබෙන බවයි.

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 669 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 130 දෙනෙකු වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104 ක්, කුරුණෑගලින් 60ක්, ගාල්ලෙන් 50ක් සහ මහනුවරින් 48ක් ඊයේ සොයා ගැනුණා.

මඩකලපු දිස්ත්‍රික්කයේන ආසාදිතයින් 38 දෙනෙකු, සොයා ගැනුණු අතර, රත්නපුරයෙන් 31ක්, කෑගල්ලෙන් 29ක්, මන්නාරමෙන් 27ක්, වව්නියාවෙන් 26ක්, ලෙස අලුතෙන් ආසාදිතයින් හමුවී තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22ක් සහ මාතලෙන් 21 දෙනෙකු ද ඊයේ සොයාගෙන තිබෙනවා.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here