ජනතා ගැටළු අමාත්‍යංශය තුල සිටම විසඳීමට නොහැකි බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පලකර සිටියේ අද (17) දින ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසනයේ ආසන බල මණ්ඩල රැස්විමට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් කරමින්ය.
“මට රිලවුන්ට සහ අලින්ට නිති දාන්න බැ , මිනිසුන්ට පමණයි නිති ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක අමාත්‍යංශයක් තුලම ඉදගෙන කරන්න අමාරුයි , යථාර්තය තේරුම් ගන්න ඕනි අපි ඒ සදහා කටයුතු කරන්න ඕනි.
දැනට අක්කර පහක් තියෙන අයට තමයි ගිනි අවියක් දෙන්නේ , දැන් අක්කර ½ තියෙන අයටත් ලබාදිමට කටයුතු කරන්න වෙනවා පිඩා විදින්නේ ගොවියෝ” යැයි ඒ මහතා පවසන ලදි.