Home Hit කෝටියකට ආසන්න කහ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි

කෝටියකට ආසන්න කහ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි

166
0

නීති විරෝධී අයුරින් මෙරට ආනයනය කළ බවට සැකකරන රුපියල් කෝටියක් පමණ වටිනා කහ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දෙමටගොඩ බේස්ලයින් පාරේදී ඊයේ (16)රාත්‍රී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

එම සැකකරුවන් සමඟ කහ කිලෝ 1559 ක් පොලිසිය භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර මඩවල සහ වත්තල-මාබෝල පදිංචිකරුවන්ය .

කහ තොගය සහ සැකකරුවන් දෙදෙනා ඇතුළු ලොරි රථය වැඩිදුර විමර්ශන සඳහා දෙමටගොඩ පොලිසිය වෙත භාර දී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here