Home Hit ජනපතිට සහ අගමැතිට එන්නත් ලබාදීම 3වන වටයේදී

ජනපතිට සහ අගමැතිට එන්නත් ලබාදීම 3වන වටයේදී

777

රජයේ එන්නත් කිරීමේ වැඩසටහනේ තුන්වන අදියරේදී කොවිඩ් -19 එන්නත ලබා ගන්නා අය අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද ඇති බව ‘සන්ඩේ මෝර්නිං’ පුවත්පත වාර්තා කරනවා.

පළමු අදියරේදී ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට එන්නත් ලබා දෙන අතර, දෙවන අදියරේදී කොවිඩ් -19 ට එරෙහි සටනේ ඉදිරි පෙළ ආරක්ෂක අංශ සාමාජිකයින් හට එන්න ලබා දෙන අතර තුන්වන අදියරේදී වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් හට එන්නත ලබා දෙනු ඇත.

කොවිඩ් -19 වෛරසයට එරෙහි එන්නත් ලබාදීමේ වැඩසටහනේ ජාතික සැලැස්ම පිළිබඳ නවතම තත්වය පිළිබඳව සන්ඩේ මෝර්නිං සමඟ අදහස් දක්වමින් කොවිඩ් -19 එන්නත් කමිටුවේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ එන්නත ලබා ගන්නා අය අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම නොසිටීම තීරණය කිරීමේදී මෙරට දේශපාලන හා සමාජ සංස්කෘතික භූමි යථාර්ථයන් සලකා බැලූ බවයි.

“පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රට වල නායකයින් මෙම එන්නත ලබා දුන්නේ ජනතාව කෙරෙහි විශ්වාසය වැඩි කිරීම සඳහායි. ඒත්, අපි මේ රටේ එහෙම කළොත්, ජනතාවට ලබා නොදී පාලක පවුලටමුලින්ම එන්නත ලබා දුන් බව ජනතාව කියයි, ජනතාවට පළමුව ලබා දුන්නොත්, ඔවුන්ව පරීක්ෂණාගාර මීයො විදිහට භාවිතා කළ බව ජනතාව කියයි. ඒ නිසා, 60 ට වැඩි ජනතාවට තුන්වන වටයේදී එන්නත ලබා දෙන විට ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාටත් එන්නත ලබා දෙනවා.” යැයි ඔහු පවසයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවට ලබා දෙන කොවිඩ් -19 එන්නත් වර්ගය කුමක්ද යන්න රඳා පවතින්නේ ඒවායේ සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල මත බවත් රටට අවශ්‍ය පළමු එන්නත පෙබරවාරි මස මැද භාගයට පෙර ලැබෙනු ඇති බවත් කොවිඩ් -19ට එරෙහි එන්නත් කමිටු සභාපති සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සන්ඩේ මෝනිං වෙත ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here