Home Hit රක්‍ෂිතවල වගාකිරීමට ඉඩදීමට පරිසරවේදීන් නොසතුටින්

රක්‍ෂිතවල වගාකිරීමට ඉඩදීමට පරිසරවේදීන් නොසතුටින්

198
0

වන රක්‍ෂිතවල වගාකිරීමට ගොවීන්ට අවසර ලබාදුනහොත් මෙරට අනාගතය සහ කෘෂිකර්මාන්තයට බලපෑම් එල්ල වන බව පරිසරවේදීන් පවසනවා.

ඊයේ (16) මැදිරිගිරිය ප‍්‍රදේශයේ පැවති ගම සමග පිළිසදරක් වැඩසටහනේදීද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ මීට පෙර වගා කර ඇති රක්‍ෂිත ප‍්‍රදේශවල වගාකිරීමට ගොවීන්ට අවස්ථාව සලසා දෙන ලෙසයි.

කෙසේවෙතත් ග‍්‍රාම අභිවෘද්ධි පරිසර සංරක්ෂණ පදනමේ අධ්‍යක්‍ෂ ගාමිණි ජයතිස්ස කියා සිටියේ රජයේ රක්ෂිතවල ඉඩම් භුක්තිවිදින බවට ඇතැම් ගොවිජනතාව පැවසුවත් දශක 05 කට අධික කාලයක සිට ඒවායෙහි වගා කර නොමැති බවයි.

රක්‍ෂිත ප‍්‍රදේශවල වගා ඇතැම් ගොවීන්ට රජයෙන් වෙනත් ඉඩම් ලබාදී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් ගොවිජනතාවට රක්‍ෂිත ප‍්‍රදේශවල වගාකිරීමට අවස්ථාව සලසන්නේ නම් ඒ පිළිබද නිසි අධීක්‍ෂණයක් විය යුතු බවයි ග‍්‍රාම අභිවෘද්ධි පරිසර සංරක්ෂණ පදනමේ අධ්‍යක්‍ෂ ගාමිණි ජයතිස්ස වැඩිදුරටත් කියාසිටියේ.

රක්‍ෂිත ප‍්‍රදේශවල ගොවීන්ට වගාකිරීමට අවස්ථාව සලසා දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වනජීවි සංරක්‍ෂණ සංසදය ද ප‍්‍රතිචාර දැක්වූවා. එහි ලේකම් නයනක රංවැල්ල මහතා පවසන්නේ එලෙස ගොවීන්ට අවසර ලබාදුනහොත් පනත් කිහිපයක්ම උල්ලංඝණය වන බවයි.

රක්‍ෂිත ප‍්‍රදේශවල ගොවීන්ට වගාකිරීමට අවස්ථාව සලසා දීමට පෙර මෙම කරුණු සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය බවයි පරිසරවේදීන්ගේ මතය වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here