Home Hit “සතොස සභාපතිකමින් අයින් උනේ කාර්යබහුලත්වය නිසා” – නුෂාඩ් කියයි

“සතොස සභාපතිකමින් අයින් උනේ කාර්යබහුලත්වය නිසා” – නුෂාඩ් කියයි

589

වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සතොස සහ සතොස ආයතනයන්හී සභාපතිවරයා ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා මහතා සතොස ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව පවසයි.

කාර්යබහුලත්වය අධිකවීමෙන් තමා එම තීරණය ගත් බවද ලිපියක් නිකුත් කරමින් ඒ මහතා පැවසීය.

එම ලිපියේ දැක්වෙන්නේ, තමා ලංකා සතොස සුපිරි වෙළෙඳසැල් ජාලය ක්‍රියාත්මක ආයතනයේ සභාපතිවරයා මෙන්ම සතොස (ලොරි සහ ගබඩාවන් (CWE)) ක්‍රියාත්මක ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බවය.

ඒ අනුව තමා සතොස (CWE) ආයතනයෙන් ඉල්ලා අස්වූයේ පසුගිය නොවැම්බර් මස බවද වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ඊයේ (25) වාර්තා වූයේ, සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත්කර ඇති බවය.

විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම ඉවත් කිරීම සිදුකර ඇති බවද එහිදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව සතොස සභාපති ධුරයේ වැඩබැලීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය පත්කර ඇති බවද වැඩිදුරටත් වාර්තා විය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නුෂාඩ් පෙරේරා මහතා විසින් නිකුත් කළ ලිපිය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here