Home Hit කරාපිටිය පිළිකා ඒකකයේ කොරෝනා රෝගින් සංඛ්‍යාව ඉහළට

කරාපිටිය පිළිකා ඒකකයේ කොරෝනා රෝගින් සංඛ්‍යාව ඉහළට

302

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ  කොරෝනා ආසාදිත රෝගින්ගේ  සංඛ්‍යාව  ඊයේ (24) දිනය වනවිට 24 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

ඊයේ (24) දිනය තුල 56 පිළිකා වාට්ටුව තුල නිරෝධායනය වෙමින් සිටි රෝගින් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ දි  තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

මෙකි වාට්ටුවේ රේඩියෝ තෙරපි කිරිම සදහා නේවාසිකව රැදි සිටි රෝගින් 20 දෙනෙකුට හා ඔවුන්ගේ සාත්තුවට සිටි  03 දෙනෙකුට  වෛරසය ආසාදනය වි තිබුණි. රෝගියකු බැලිමට පැමිණි එම රෝගියාගේ  දියණියකටද  කොරෝනා වෛරසය ආසාදනය වි තිබු අතර ඇය අක්මිමන සෞඛ්‍ය ව්‍යෛ නිලධාරි කාර්යාලයට අයත් වංචාවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පිළිකා වාට්ටුවේ රොගින් 29 දෙනෙකු ඇතුලත්ව සිට ඇත.

ඊයේ (24) දිනය තුල කොරෝනා ආසාදිත. පිරිමි රෝගින් 04 දෙනා හම්බන්තොට රෝහල වෙත හා කාන්තාවන් තිදෙනා කඹුරුගමුව රෝහල වෙත පිටත්කර  යැවිමට  කටයුතු කළ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here