Home Hit පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට බෙදන්න දුන් කෝටි 92ට මොකද වුණේ?

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට බෙදන්න දුන් කෝටි 92ට මොකද වුණේ?

454
World Muslim League donates $ 5 million to Sri Lanka

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට හා එම ප්‍රහාරයෙන් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්වූවන්ට ලබාදීමට ලෝක මුස්ලිම් සංවිධානයෙන් ප්‍රදානය කෙරුණු රුපියල් කෝටි අනූ දෙකක් පමණ වන ආධාර මුදලට සිදුවූයේ කුමක්දැයි දන්වා සිටින්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යවා ඇත.

එම මුදල් කිසිවක් මෙතෙක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබසාධනය වෙනුවෙන් ලැබී නොමැති බැවින් එම මුදල්වලට සිදුවූයේ කුමක් ද යන්න දැනගත යුතුව ඇති බව ද විජයදාස රාජපක්ෂ මහතා එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම ලිපිය පසුගිය නොවැම්බර් මාසයේ 27 වන දා ජනාධිපති ලේකම්වරයා වෙත යවා ඇති අතර එහි පිටපත්, ජනාධිපතිවරයා වෙතත් අගමැතිවරයා හා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙතත් යවා ඇත.

2019 වසරේ ජූලි මාසයේදී ලෝක මුස්ලිම් සංවිධානයේ සමුළුව විසින් ‘ජාතික සාම සමුළුව’ නමින් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පවත්වනු ලැබිණි. එයට සහභාගී වූ ලෝක මුස්ලිම් සංවිධානයේ ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල් ඉසා විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට ලබාදීමට ඩොලර් මිලියන පහක මුදලක් ප්‍රදානය කෙරුණු බවට මාධ්‍යවල වාර්තා පළ වූ බව එම ලිපිය මගින් පෙන්වා දී ඇති විජයදාස රාජපක්ෂ මහතා එම සමුළුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්ම මහත්මීන් සහභාගි වී යැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

උපුආ ගැනීම – මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here