Home Coronavirus 2020 ITN සේවකයන්ට ගංජා යෙදූ රිටිගල රාවණා පැණිය පොවයි (VIDEO)

ITN සේවකයන්ට ගංජා යෙදූ රිටිගල රාවණා පැණිය පොවයි (VIDEO)

1635

කොවිඩ් 19 වෛරසයට ඖෂධයක් තමන් සොයා ගත්තා යැයි පවසන රිටිගල දේවින්ද ගුරුන්නාන්න්සේ නැමති පුද්ගලයා නිෂ්පාදනය කළ එම ඖෂධය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවකයන් වෙත බෙදාදී ඇත.

අදාල බෙදාදීම දෙසැම්බර් 23 වන දින සිදු කර ඇති අතර ඒ වෙනුවෙන් අදාල රූපවාහිනී නාලිකාවෙන් විශේෂ උත්සවයක්ද ඒ සදහා සංවිධානය කර තිබුණි.

අදාල උත්සවයට ආයතනයේ සභාපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරීන්, ඉහළ කළමණාකාර නිලධාරීන් සහ ආයතනයේ සේවකයන් එක්ව ඇත.

එම අවස්ථාවට සහභාගී වී සිටි බොහෝ පිරිසක් මුඛ ආවරණ නොමැතිව මීරටයේ දුර නොපත්ව ගනිමින් එම උත්සවයට සහභාගී වී ඇත.

අදාල උත්සවය අදාල රූපවාහිනි නාලිකාව ඔස්සේ පුවත් විශේෂාංගයක් ලෙසද වාර්තා කර ඇති අතර ඔවුන් එම ඖෂධය පිළිබද මුලින්ම ජනතාව දැනුවත් කළ බවත් පවසා ඇත.

කෙසේ වෙතත් රිටිගල දේවින්ද මහතා ඊයේ (23) දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තමන්ට මාධ්‍ය හරහා කිසිදු ප්‍රචාරයක් නොදෙන බව පවසමින් හැඟුම්බර විය.

වසර 9500ක් පමණ පැරණි පරම්පරාවකින් පැවත එන සිය ගුරු පරම්පරාවේ වට්ටෝරුවක් අනුව සදා ඇති මෙම ඖෂධය බිං කොහොඹ, ත්‍රයිලෝක විජයපත්‍ර (ගංජා) සහ තවත් රහස් බෙහෙත් අඩංගු බව දේවේන්ද්‍ර ගුරුන්නාන්සේ මීට පෙර අවස්ථාවකදී පවසා තිබුණා.

සබැඳි පුවත්..

රිටිගල පැණියට ගංජා ඇතුළත් – ප්‍රභූ පැලැන්තිය දැනටමත් භාවිතා කරනවා | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

“මාව ගණන් ගන්නෙ නෑ” – කොරෝනා ඖෂධයක් සෑදූ රිටිගල ගුරුන්නාන්සේ සංවේදී වෙයි | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here