Home Hit “මාව ගණන් ගන්නෙ නෑ” – කොරෝනා ඖෂධයක් සෑදූ රිටිගල ගුරුන්නාන්සේ සංවේදී වෙයි

“මාව ගණන් ගන්නෙ නෑ” – කොරෝනා ඖෂධයක් සෑදූ රිටිගල ගුරුන්නාන්සේ සංවේදී වෙයි

1223

කොරෝනාවට දේශීය ඖෂධයක් සොයාගනු ලැබුවායැයි පවසන රිටිගල දේවින්ද ගුරුන්නාන්සේ නමින් හඳුන්වන පුද්ගලයෙකු විසින් ඊයේ (23) දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

රිටිගල සිංහක්කාර පරපුර නියෝජනය කරන ඔහු පවසන්නේ ඔවුන් නිපදවූ ඖෂධයේ සාර්ථකබව පිළිබඳව වෛද්‍ය වාර්තා රැසක් තමන් සතුවන බවයි.

ඊට සාක්ෂි සැපයීමට කොරෝනා සුවවූ අයෙක්ගේ පියෙක්ද එම මාධ්‍ය සකච්ඡාවට සහභාගිව සිටියා.

තමන් හට මඩ ගැසීම් සිදුවන බව ප්‍රකාශ කළ රිටිගල දේවින්ද ගුරුන්නාන්සේ එම අවස්ථාවේදී සංවේදී ද වුණා.

“මට ඕන උනේ මගේ නම හදන්න නෙවෙයි. මට ඕන උනේ මගේ හෙළය හදන්න. හෙළ වෙදකම ඉදිරියට ගේන්න තමයි මට ඕන උනේ. මට කලකිරීමක් නෑ. ඒත් කාලය යනවා වැඩියි. බෙහෙත හදලා ගොඩක් කල්. අනුග්‍රහය අඩුයි. මම ලංකාවෙ ගමකින් ආපු කෙනෙක් නිසා වෙන්න ඇති. මේක පැණියක් නෙවෙයි ඖෂධයක්. මේක දෙවියන්ගෙන් ලැබුණු බෙහෙතක් නෙවෙයි. පුරාණ පුස්තක සහ සන්නස් වලට අනුව හැදුවේ. ඒ පුස්තක සහ සන්නස් පවා මම මාධ්‍යයට ඉදිරිපත් කරලා තියෙනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් පවසන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here