Home Hit හෝමෝන පෙති හා කරල් නිෂ්පාදනාගාරයක් විවෘත කෙරේ (PHOTOS)

හෝමෝන පෙති හා කරල් නිෂ්පාදනාගාරයක් විවෘත කෙරේ (PHOTOS)

284

අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් සෑම අංශකින්ම රට ස්වයං පෝෂිත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

රත්මලානේ පිහිටි රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (23) දින එක් වෙමින් ඔහු ඒ බව අවධාරණය කරන ලදි.

“අලුත් රටට අලුත් බෙහෙත්” සංකල්පය යටතේ රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාව විසින් අලුතින් නිෂ්පාදනය ඇරඹූ ෆ්ලුක්ලොක්සසිලින් (Flucloxacillin 500mg) ඹෟෂධය මෙහිදී එළිදැක්වීම ද සිදුවිය.

“පිටරටින් ගෙන්වන ඒවා අඩුකිරීම හෝ නතරකිරීම මෙන්ම මේ රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම රට තුළම නිෂ්පාදනය විය යුතු බවට ආණ්ඩුව තරයේ විශ්වාස කරනවා” යැයි අගමැතිවරයා මෙහිදී සඳහන් කරන ලදි.

“අපි දන්නවා අපේ සියයට 70%ක් වගේ ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් හා බංග්ලාදේශයෙන්. ඉතිං එහෙම අපි ගේනවා නම් අපිට තියෙනවා වගකීමක්, මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. අපිට ඒ සඳහා අවශ්‍ය ඥානය, බුද්ධිය තියෙන පිරිස් අපිට ඉන්නවා,” යනුවෙන්ද එම මහතා පැවසන ලදි.

Image may contain: 1 person, text that says "SPMC රාජ්‍ය ඔෂධ නිෂ්පාදන සංස්ථ STATE PHARMACEUTICALS MANUFACTURING CORPORATION"
Image may contain: one or more people
Image may contain: 1 person, flower
Image may contain: 2 people, people standing and people on stage
Image may contain: 1 person, indoor
Image may contain: 1 person

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here