Home Hit රජය ජාත්‍යන්තර තාක්ෂණික දැවැන්තයින්ගෙන් ගාස්තු අයකිරීමට සැරසෙයි..!

රජය ජාත්‍යන්තර තාක්ෂණික දැවැන්තයින්ගෙන් ගාස්තු අයකිරීමට සැරසෙයි..!

1317
SL to charge foreign digital giants

දේශීය ව්‍යාපාර ආරක්ෂා කිරීම සහ විදේශ විනිමය සංරක්ෂණය කිරීම සඳහා Uber සහ Facebook වැනි බහුජාතික ඩිජිටල් දැවැන්තයින් නියාමනය කිරීමේ අරමුණින් ඔවුන්ගෙන් ගාස්තුවක් අය කිරීමට ශ්‍රී ලංකා රජයේ සූදානමක් පවතින බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළලියේ රඹුක්වැල්ල මහතා උපුටා දක්වමින් “The Morning” පුවත්පත වාර්තා කර තිබේ.

විදේශීය බහුජාතික තාක්ෂණික දැවැන්තයින්ගේ ක්‍රියාකාරීත්වය නිසා එම ක්ෂේත්‍රවල නියැලී සිටින ශ්‍රී ලාංකීක ව්‍යාපාර පීඩාවට පත්ව ඇති බවත්, මෙම ආයතන වල ගෙවීම් කටයුතු ජාත්‍යන්තර බැංකු හරහා සිදුවීම නිසා රටේ විදේශ මුදල් සංචිතයට අනිසි ලෙස බලපාන බවත් රජයේ මතය වී තිබේ.

මෙම ගාස්තු අයකිරීම සදහා වන ලියාපදිංචිය සිදුකර ගැනීමේ ආකෘතිය මෙතෙක් නිර්මාණය කර නොමැහි අතර එය අවසන් වූ වහාම මෙම ජාත්‍යන්තර තාක්ෂණික දැවැන්තයින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here