Home Hit ඉන්දියාවේ දිවියන්ගේ ගහනය ඉහළ යාම ගැන මෝදි සතුටින්

ඉන්දියාවේ දිවියන්ගේ ගහනය ඉහළ යාම ගැන මෝදි සතුටින්

351

ඉන්දියාවේ දිවියන්ගේ ජනගහනය වැඩිවීම පිළිබඳව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සතුට පළ කර සිටිනවා.

ඊයේ (22) එම මහතා ප්‍රකාශ කළ අයුරින් එය 2014 දී නිකුත් කළ වාර්තාවට සාපේක්ෂව 60කට වඩා වැඩි වීමකි.

සත්ව සංරක්ෂණ කටයුතු සිදු කරන සියලු දෙනාටම සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ ඔවුන්ගේ උත්සාහවත් කටයුතු දිගටම කරගෙන යන අතරම එරට සතුන් ආරක්ෂිත වාසස්ථානවල ජීවත් වන බවට සහතික වන ලෙසයි.

අග්‍රාමාත්‍ය මෝදි විසින් මෙම පණිවිඩය නිකුත් කරන ලද්දේ අමාත්‍ය ප්‍රකාශ් ජාවඩෙකර් විසින් “ඉන්දියාවේ දිවියන්ගේ තත්වය – 2018” නම් වාර්තාව නිකුත් කිරීමෙන් පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here