Home Hit අනූෂ පැල්පිටට නව තනතුරක්

අනූෂ පැල්පිටට නව තනතුරක්

371

මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙකුවන අනූෂ පැල්පිට මහතා ලබන ජනවාරි ,මස 01වෙනිදා දින සිට බලාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.

2015 වසරේ ජනාධිපතිවරණය සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා මත ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුවක් පවරා තිබුණා.

සිර දඩුවම් සහ දඩ නියම කරමින් මහාධිකරණය විසින් ලබා දුන් තීරණය අභියාචනාධිකරණය විසින් පසුගිය නොවැම්බර් 19 දින අහෝසි කරමින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහත්වරුන් සිල් රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

සබැඳි පුවත්..

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සිල් රෙදි නඩුවෙන් නිදොස් කොට නිදහස් | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

කොවිඩ් එන්නත් ලබාගැනීමේ සම්බන්ධිකරණ කටයුතු ලලිත් වීරතුංගට | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here