Home Hit දේශපාලකයොන්ට නැති සෞඛ්‍ය නීති ඇයි අපිට ? – ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි

දේශපාලකයොන්ට නැති සෞඛ්‍ය නීති ඇයි අපිට ? – ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි

574

කොටදෙණියාවේ පවත්වාගෙන යන ගල්කොරියක් හරහා මතුව ඇති පරිසර හානි නිරීක්ෂණය කිරීමට ගිය සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි ඇතුළු පිරිස සහ ගල් කොරියේ සේවකය කරන ප්‍රදේශවාසීන් අතර අද (23) උණුසුම් සංවාදයක් ඇති විය.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ මෙවැනි අවස්ථාවන්හිදි ආයතන ප්‍රධානීන් විසින් උසිගන්වා පිරිසක් එවීම සුලබ දෙයක් බවයි.

පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ පිරිස ප්‍රදේශයේ ගල්කොරි හේතුවෙන් පීඩාවට පත්වූ නිවාස නිරීක්ෂණය කිරීමට ගොස් නිවැසියන් සමඟද සාකච්ඡා කරනු ලැබුවා. කෙසේ වෙතත් නිරෝධායන නීතිය යටතේ විශාල පිරිසක් සමඟ මෙම නිරීක්ෂණයේ යෙදීමට පොලිසියෙන් අවසර හිමිවූයේ නෑ.

එහිදී පොලිස් නිලධාරියා අමතමින් පූජ්‍ය ජඹෙරෙවෙල චන්ද්‍රරතන හිමියන් විමසා සිටියේ දේශපාලඥයන් වෙනුවෙන් ක්‍රියාත්මක නොවන නිරෝධායන නීතීන් ජනතාවගේ ගැටළුවක් වෙනුවෙන් කටයුතු කිරීමේදී පමණක් ක්‍රියාත්මක වන්නේ ඇයිද යන්නයි.

“දැනට මහා පරිමාණයෙන් අවුරුදු 20ක් තිස්සේ කරගෙන යන ගල් වලවල් තමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. මේ අයගෙන් විමසා බලද්දි තේරුනේ කියන්න බැරි තරම් විශාල ගල් ටොන් ගණනාවක් අරන් ගිහින් තියෙන බවයි. දැන් මෙතන ගල් කඩලා කඩලා පරිසරය විනාශ වෙලා තව දුරටත් මේක කරගෙන යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙනවා. දරුවො කීප දෙනෙක් ලොරි වලට යට වෙලා මිය ගිහින්. ගෙවල් ඉරිතලලා. අපි මහා සංඝරත්නය සහ ගම්මු මේ පාරවල් වහලා උද්ඝෝෂණයක් කරන බවට පණිවිඩය අපි රටට ලබා දෙනවා” යැයි මාධ්‍ය අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කරන ලදි.

-24.00 සිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here