Home Hit “භූගත ජලයට වෛරසය එකතු වී ඇති බව කීවේ සාක්ෂි නැතිව” – මහාචාර්ය...

“භූගත ජලයට වෛරසය එකතු වී ඇති බව කීවේ සාක්ෂි නැතිව” – මහාචාර්ය මෙත්තිකා විතානගේ

7511

ඩෙන්මාර්කයේ මුගටින්ගෙන් භූගත ජලයට කොරෝනා වෛරසය එක් කළ බවට තමන් සිදු කළ ප්‍රකාශය සිදු කරන ලද්දේ ඊට අදාල සාක්ෂියක් හෝ සාධකයක් නොමැතිව බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති, මහාචාර්ය මෙත්තිකා විතානගේ විසින් අද පිළිගනු ලැබීය.

මීට පෙර අවස්ථාවකදී මාධ්‍ය අමතමින් මහාචාර්‍යවරිය ප්‍රකාශ කර සිටියේ ඩෙන්මාර්කයේ ලොම් ලබාගැනීම සඳහා ඇතිකල මුගටින් වර්ගයක් කොවිඩ් 19 වෛරස වාහකයන් ලෙස කටයුතු කිරීම නිසා මීට මාසයකට පෙර මරා දමා ඔවුන් භූමිදානය කිරීමට කටයුතු කළ බවත් අනතුරුව ඩෙන්මාර්කයේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය හා ඩෙන්මාර්කයේ තාක්ෂණික විශ්වවිද්‍යාලය සිදු කළ පරීක්ෂණයකට අනුව අදාල මුගටින්ගේ දේහයන් මඟින් භූගත ජලයට වෛරසය සහ අපද්‍රව්‍ය එකතුවී ඇති බවට සොයා ගත් බවත් ය.

නමුත් දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමකදී එලෙස මුගටින්ගෙන් වෛරසය ජලයට එක් වූ බවට කිසිඳු ජාත්‍යන්තර වාර්තාවක් නොමැති බව පිළිබඳව විමසා සිටීමේදී “වෛරස් එක ආවද මං දන්නෑ” යනුවෙන් මහාචාර්‍යවරිය පවසා සිටියි.

ඇය මීට පෙර කළ ප්‍රකාශය පහළින්;

සබැඳි පුවත්..

‘ජීවත් වෙලා සිටින අයගේ ජීවිත මියගිය දේහයක් නිසා තර්ජනයට ලක් කළයුතු නෑ’ – මහාචාර්ය මෙත්තිකා විතානගේ | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here