Home Coronavirus 2020 “මට මේ කෙහෙල්මල් ඕන නෑ” ධම්මික ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලිපිය ඉවත තමයි

“මට මේ කෙහෙල්මල් ඕන නෑ” ධම්මික ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලිපිය ඉවත තමයි

1082

කොවිඩ් වෛරසය මර්ධනය කිරීමට කෑගල්ලේ කාලි දේවාලයේ කපුමහතා වන ධම්මික බණ්ඩාර ලෙස හඳුන්වාගන්නා පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කරන ලද පැණියට ආයුර්වේද කොමසාරිස්වරයා විසින් අනුමැතිය ලබා දී ඇත්තේ ප්‍රතිශක්තීකරණ ඖෂධයක් ලෙසයි.

ඊට අදාල ලිපිය ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ පිරිසක් විසින් අද (23) ධම්මික ධම්මික මහතා වෙත ලබා දුන් අතර ඔහු එම ලිපිය භාරගැනීම ප්‍රතික්ෂේප කර සිටියා.

මෙය තමන් බලාපොරොත්තු වූ සහතිකය නොවන බවත් එය වැරදි සහතිකයක් බවත් පැවසූ ඔහු “මට මේ කෙහෙල්මල් ඕන නෑ” යනුවෙන්ද එහිදී ප්‍රකාශ කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here