Home Hit බොරැල්ලේ බන්ධනාගාර 03ම හොරණට – 8300ක් රැඳවියන් නිදහස්

බොරැල්ලේ බන්ධනාගාර 03ම හොරණට – 8300ක් රැඳවියන් නිදහස්

808

මරණ දඩුවම ඇතුලු දීර්ඝ කාලීන සිර දඩුවම් විඳින බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීමට අදාළ සිව් අවුරුදු සමාලෝචනය අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කර තිබෙනවා.

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කලේ මෑතකාලීනව රැඳවියන් 8300 කට ආසන්න පිරිසක් නිදහස් කර ඇති බවයි.

අද පෙරවරුවේ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කලා.

වැලිකඩ මේ වනවිට ඇති බන්ධනාගාර තුනම කඩිනමින් හොරණ ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවද විශය භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කියාසිටියා.

වාණිජමය වටිනාකම ඉතාම ඉහළ බොරැල්ල ප්‍රදේශයේ ඇති බන්ධනාගාර වල අක්කර 46ක් පමණ වන ඉඩම්වල බන්ධනාගාර පවත්වාගෙන යාම තේරුමක් නොමැති බවත් හැකි ඉක්මනින් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාදුන් හොරණ ප්‍රදේශයට ඒවා ගෙන යාමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here