Home Coronavirus 2020 කොවිඩ් එන්නත් ලබාගැනීමේ සම්බන්ධිකරණ කටයුතු ලලිත් වීරතුංගට

කොවිඩ් එන්නත් ලබාගැනීමේ සම්බන්ධිකරණ කටයුතු ලලිත් වීරතුංගට

543

විදෙස් රටවල නිපදවා තිබෙන කොවිඩ් එන්නත් පිළිබඳව විස්තරාත්මක අධ්‍යනයකින් අනතුරුව අදාල රටවල් සහ මෙරට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා තිබෙනවා.

මේ බව දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව ජනාධිපති කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවේදී තීරණය ගෙන ඇති අතර ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

චීනය, ඇමරිකාව ,එංගලන්තය වැනි රටවල් මේ වන විට කොවිඩ් එන්නත් නිපදවා තිබෙන අතර තෝරාගනු ලබන කොවිඩ් එන්නත මෙරට ලබා දිය යුතු පිරිස අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

(අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here