Home Hit වළදැමු LTTE ගිනිඅවි තොගයක් හමුවේ

වළදැමු LTTE ගිනිඅවි තොගයක් හමුවේ

209

කිලිනොච්චිය අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි කැලෑවක වලදමා තිබූ ටී.56 ගිනිඅවි තොගයක් ඊයේ (21) සවස සොයාගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුර පවසයි.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව අරවියල්නගර් ප්‍රදේශයේ ඇලක් ආසන්නයේ සිදු කරන ලද සෝදිසියකදී වලදමා තිබූ අදාල ටී.56 ගිනිඅවි තොගය සොයාගනු ලැබීය.

එහිදී වළදමා තිබූ ටී.56 ගිනි අවි 5 ක්, ටී.56. පතුරම් 30 ක් සහ ටී.56 ගිනිඅවි මැගසිනයක් තිබී සොයා ගනු ලැබීය.

අදාල ගිනිඅවි සොයාගන්නා විටත් දැඩි සේ අබලන් වී තිබූ අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් වළදමා තිබූ ගිනි අවිබවට සැක පල කරන අතරම එම ගිනිඅවි අධිකරණ නියෝගයකට අනුව නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවටද කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩි දුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here