Home Hit උත්සව සමයේ ‍ගමනාගමන තහනමක් පනවන්න, නොකළොත් ප්‍රතිඵල ජනවාරියේ – PHIවරුන්

උත්සව සමයේ ‍ගමනාගමන තහනමක් පනවන්න, නොකළොත් ප්‍රතිඵල ජනවාරියේ – PHIවරුන්

361
0

සියලුම පළාත් 09ම සඳහා වහාම ගමනාගමන තහනමක් පැනවීමට කටයුතු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ඩේලි මිරර් පුවත්පතට අනුව, කොරෝනා වසංගතය සැලකිල්ලට ගෙන දැනට එවැනි පූර්වාරක්ෂක කටයුත්තක් සිදු නොකළහොත්, ජනවාරි මාසයේ දී එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට ඔවුන් අනතුරු අඟවා තිබේ.

නත්තල් උත්සවය සඳහා විවිධ ප්‍රදේශවල සංවිධානය කර ඇති මහා පරිමාණ සාද පිළිබඳ වාර්තා තමන්ට ලැබී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බලධාරීන්ගේ සංගමය තවදුරටත් පවසා තිබේ.

ාදාල පනත යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අයට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්හට බලය පවරා ඇති බවද ඔවුහු පෙන්වා දෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here