Home Hit වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කරයි

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කරයි

224

කොවිඩ් 19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් ඉකුත් 5 වෙනි දින වසාදැමූ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය භාරකාර සභාපති, ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

සෞඛ්‍ය විධිවිධාන පිළිපදිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය සහ පොලිස් නිලධාරීන්ගේ සුපරික්ෂාව යටතේ මෙහි වෙළඳාම් කටයුතු සිදු කිරීමට එම මධ්‍යස්ථානයේ කළමනාකාර විශ්‍රාමික මේජර් නිලන්ත කපුරුබණ්ඩාර මහතා විසින් පියවර ගෙන ඇති බවත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය සිදු වියහැකි බැවින්  වෙළඳාම් කරනු ලබන ස්ථාන අසළ කෙළ සහ බුලත් කෙළ ගැසීම පවා සිදු නොකරන ලෙසට වෙළඳුන්ට මෙන්ම පාරිභෝගිකයින්ටද උපදෙස් ලබා දීම සිදු කොට ඇති බවත් දිසාපතිවරයා කීය.

එහි කළමනාකාර කපුරුබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, ආර්ථික මධ්‍යස්ථානය මුලුමනින්ම සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන බැවින් සුපුරුදු පරිදි පැමිණෙන ලෙස පාරිභෝගිකයින්ට දැනුම් දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here