Home Hit කොරෝනා මර්ධන විදේශීය එන්නත් මෙරට තුළ ලියාපදිංචිය ඉදිරි දෙසතියේ

කොරෝනා මර්ධන විදේශීය එන්නත් මෙරට තුළ ලියාපදිංචිය ඉදිරි දෙසතියේ

449

කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ විදේශීය එන්නත් මෙරට තුළ ලියාපදිංචි කිරීමේ කටයුතු ඉදිරි දෙසතිය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.

දැනටමත් එවැනි එන්නත් හයක් පිළිබඳව සළකා බලමින් සිටින බවට ප්‍රකාශ කළ අමාත්‍යවරයා ලබන සතියේදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – ෆයිව් එන්නත සම්බන්ධයෙන් මෙරට රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි කියා සිටින්නේ.

මේ අතර කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 10ක ණය මුදලක් ලබාගැනීමට රජය සූදානම් වන බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here